
දේශපාලනයට අවතීර්ණ වෙන්නේ මොන අවුරුද්දෙදි ද?
2018 දි. දැන් නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. කලින් නියෝජනය කලේ එක්සත් ජාතික පක්ෂය. එයින් තමයි මන්ත්‍රීධූරය ලැබුනෙත්.
ඔබ ස.ජ.බ ය සමග එකතුවෙන්න හේතුව වුනේ?
ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ගියානේ. අපි ගමේ වැඩකරද්දි එ.ජා.ප නායකයාට විරුද්ධව විශාල මතවාදයක් හැදුණා. ජනතාවගේ කැමැත්ත තිබුණේ ස.ජ.බ යේ නායකතුමාට. ඒ නිසා අපි මිනිස්සුන්ගේ පැත්ත සාධාරණයි කියලා හිතලා ඒ අනුව අපේ අත්දැකීම් අනුව ස.ජ.බයට යන්න තීරණය කලා.