සාරාවියෝ : දේශපාලන සංස්කෘතිය වෙනසකට කාන්තා නියෝජනය අත්‍යවශයයි

01’ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මම ප්‍රජාවත් එක්ක තමයි ගොඩක් වැඩ කරේ. මම 2018 ඉඳන්  ගමේ කාන්තා සමිතිවල”ග්‍රාම සංවර්ධන සමිතිය”මරණාදාර සමිතිය සමඟ සම්බන්ධ වෙලා හිටියා. ඒ ඉඳලා ඊටපස්සෙ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ‘ගම නැගුම’ ව්‍යාපෘතිය ගමට ආවාට පස්සෙ ඒ සමිතියත් එක්ක වැඩ කළා. ඒකත් එක්ක වැඩ කරලා ඒකෙන්ම ඊට පස්සෙ සම්පත් දායකයෙකු විදිහට ගිහින් වැඩ කරා

ඊට අමතරව පුහුණුවත් එක්කම හිටපු නිසා දේශපාලනයට එන්න ප්‍රජාවට ලොකු වැඩක් කරන්න පුලුවන් වෙයි කියලා හිතලා තමයි දේශපාලනයට ආවේ. තවත් එක කාරණයක් නම් , මගේ සීයා, මගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයේ සමබල ප්‍රදේශයේ,  ඡන්ද මධ්‍යස්ථානයේ සංවිධායකවරුන් විදිහට එදා ඉඳන්ම කටයුතු කරා. ඒ ආභාෂයත් ගොඩක් තිබුණා. දේශපාලනය ගැන පොඩි ආසාවකුත් තිබුණා. ඒ නිසා තමයි දේශපාලනයට ආවේ.

Leave a Reply