
1. දේශපාලනය පිළිබඳ අදහස ඇතිවුණේ කොහොමද?
සර්වෝදය කියන්නේ සමාජසේවා ආයතනයේ මම ප්‍රාදේශිය කළමණාකාරිණියක් විදිහට කටයුතු කළේ. මට ගොඩක් ගම්වලට යන්න වුණා. කඳවුරු ගොඩක් කළා. එතනදි මට ආසාවක් ඇතිවුණා දේශපාලනයට යන්න ඕන කියලා. ඒත් දුව ලැබුණට පස්සේ ටිකක් ඒ කටයුතුවළින් බැහැරවෙලා හිටියා. ඒත් ගමේ සමාජ සේවා කටයුතු දිගටම කලා. මට දේශපාලනයට එන්න කොහොමටවත් බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් 2017 මැතිවරණයේ සීයට විසිපහේ කෝටාවත් එක්ක මට ආරාධනාවක් ලැබුණා දේශපාලනයට එන්න කියලා. මම මුලින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒත් පස්සේ මට හිතුණා මගේ ඉතිහාසයත් එක්ක මට මොනවාහරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා එකඟ වුණා.