සුපිනි සඳමාලි

2018 වර්ශයේ පැවති පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා හිමි වන විටත් මීට පෙර මගේ පක්ෂයේ අනෙකුත් තරඟකරුවන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළ නිසා මට යම්තාක් දුරකට අත්දැකීම් තිබුණා. මම පාසල් කාලයේදිත් දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හැදෑරුවා. මගේ තාත්තා සහ ඔහුගේ පරම්පරාවේ අය සක‍්‍රීය ලෙස දේශපාලනයට දායක වෙලා තියනවා. මගේ තාත්තා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකාරී සාමාජිකයෙක්ව සිටියා.  මම ඔවුන් අනුගමනය කරමින් අනුරාධපුර ප‍්‍රදේශයේ නැගී එන ශ්‍රීලනිප දේශපාලකයන්ට සහයෝගය දැක්වුවා.

මම උසස් පෙළ අවසන් කළාට පස්සෙ මට  ඕන වුණා නිදහස් මාධ්‍යවේදිනියක් වෙන්න. නමුත් ඊට පෙර සිටම මම නොදැනුවත්වම වගෙ, දේශපාලනයට සක‍්‍රීයව දායක වෙමින්, අනුරාධපුර නගර සීමාවේ මැතිවරණ රැුස්වීම් සහ ජනතා දැනුවත්කිරීම් වගේ දේවල් සංවිධානය කළා. අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිතුමා මට පළාත් පාලන ඡුන්දය සඳහා ආරාධනා කළ අවස්ථාවේ අත්දැකීම් බහුල පක්ෂයේ සමහර වැඩිහිටි අය මට සහයෝගය දැක්වීමට අකමැති වුණා. නමුත් නාමයෝජනා ලැබෙන්නට කලින්ම මට හැකි වුණා ඉතාම කෙටි දැනුම්දීමකින් මිනිසුන් 150කට වැඩි ප‍්‍රමාණයක් රැුස් කරගන්න. ඉන් පස්සෙ මට අත්දැකීම් අඩුයි කියලා හිතපු අයම ඔවුන්ගේ ඒ අදහස වෙනස් කරගත්තා. මම ගොඩක් මහන්සි වුණා මගේ පක්ෂයේම වැඩිහිටි පිරිමි සාමාජිකයන් කාන්තාවන්ගේ නැගී ඒම ගැන දරපු ආකල්ප වෙනස් කරන්න. 

මට වයස අවුරුදු 28යි. මට අවුරුදු නවයක දුවෙක් ඉන්නවා. 2018 මැතිවරණ ව්‍යාපාරය කාලේ මගේ දුව බලාගත්තෙ මගේ අම්මා. මට නාමයෝජනා ලැබීමට පෙර රැුස්වීම පවත්වන දිනය වනතෙක්ම මම තරඟ කරන්න අපේක්ෂාවෙන් ඉන්න බව මගේ තාත්තට කිවුවෙ නෑ මොකද ඔහු හිතුවේ මං වගේ තරුණ ගැහැණු ළමයෙක්ට දේශපාලනය ගැලපෙන්නේ නෑ කියලා. නමුත් මගේ අයියලා දෙන්නට පුළුවන් වුණා ඔහුව එකඟ කරගන්න. මගේ ඡුන්ද ව්‍යාපාරයට මූල්‍යමය අතින් උදව් කළේ මගේ සහෝදරයන් සහ සැමියා. මම පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායිකාවක් වෙලා හිටියා සහ පාසලේදි ගොඩක් විෂය භාහිර ක‍්‍රියාකාරකම් කළා. ඒ නිසා මට කොහෙත්ම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ පිරිස ඉදිරියේ කතා කිරීම ගැන. මම නුවර වැව කොට්ඨාශයෙන් තමයි මහ නගර සභාවට තරඟ කළේ. එහිදී ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් බහුල මන්ත‍්‍රීවරුන් හා සමානව ඡුන්දය ගැනීමට මට හැකි වුණා. ඊට පෙර සිටම මිනිසුන් මාව දැනගෙන හිටියා මගේ දේශපාලන ව්‍යාපාරවලින් සහ මම පෙර පාසලක් පවත්වාගෙන ගිය නිසා. ඒ මිනිසුන්ගෙන් මට ගෞරවය හිමිවුණා. මැතිවරණයට මුහුණ දීමේදී මට විශේෂ බාධක ආවේ නැහැ. මම මගේ ආසනය ජයග‍්‍රහණය කළා වගේම, කොට්ඨාශය ජයග‍්‍රහණය කළා මෙන්ම ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් බහුල තරඟකරුවන්ට වඩා මට ඡුන්දය හිමි වුණා. 

මම දේශපාලන විද්‍යාව හැදෑරූ නිසා, පළාත් පාලන ක‍්‍රමයේ කාර්යයන් සහ සේවාවන් ගැන මම ටිකක් දැනුවත් වෙලා හිටියා. 2018 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වෙලා මුලින්ම කතා කරනකොට මට බයක් දැනුනේ නැහැ. මගේ පළමු කතාව හැමෝම අගය කළා.

අපේ නගර සභාවේ පාලනය යටතේ කලින් කමිටු තුනක් තිබුණේ. මගේ සහ අනිකුත් මන්ත‍්‍රීවරියන්ගේ ඉල්ලීමට නගරාධිපතිතුමා කැමති වෙලා ළමා හා කාන්තා, මාතෘ හා පූර්ව ළමා විය සමාජ සවිබල ගැන්වීමේ කමිටුව නිර්මාණය කළා. 2018දී, නගරාධිපතිතුමා මාව මෙම කමිටුවේ සභාපතිත්වයට පත් කළා, මොකද මම ළමා හා කාන්තා සුබසාධනය සඳහා දීර්ඝ කාලයක් කටයුතු කළ නිසා. වෙනත් වැඩිමල් කාන්තා මන්ත‍්‍රීතුමියකට අවශ්‍ය වුණා මෙම කමිටුවේ සභාපතිත්වය ගන්න. එම නිසා ඇය මට යම් විරෝධයන් පළ කළා. පෙර පාසල් දරුවන්ට හොඳ සේවාවක් සැපයීමට මම දිගටම කටයුතු කළා. අපේ කාන්තා මන්ත‍්‍රීවරියන් හත්දෙනෙක් ඉන්නවා, ඉන් හතර දෙනෙක් ීඛඡුඡු සහ නව කෝටා ක‍්‍රමය යටතේ අනෙකුත් පක්ෂවලින් තේරී පත්වූ මන්ත‍්‍රීවරියන් තිදෙනෙක් වශයෙන්. සාමාන්‍යයෙන් අපි එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරනවා.

මගේ තවත් විශේෂ ජයග‍්‍රහනයක් ලෙස මම සඳහන් කරන්න කැමතියි, මගේ ගමේ ප‍්‍රධාන පිවිසුම් මාර්ගය අළුත්වැඩියා කිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීමට හැකි වීම. ඒ පාර වසර 20කින් අළුත්වැඩියා කර තිබුණේ නැහැ, මොකද අපේ ගමෙන් මන්ත‍්‍රීවරයෙක් බිහි නොවීම නිසා. එම පිවිසුම් මාර්ගය එක්කම, මගේ ඉල්ලීම මත හොඳ කානු පද්ධතියක් සහ වීදි ලාම්පුද ගොඩනැගුවා. ඒ වගේම පොළේ වෙලෙන්දන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් ගොඩනැගීමටත්, ගමේ තවත් පවුල් 22කටත් වැසිකිළි පහසුකම් ලබා දීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන වෙන් කරවා ගැනීමට මට හැකි වුණා.

මම සහභාගී වුණු පුහුණු වැඩසටහන්වලට ස්තුතිවන්ත වෙන්න, මට හොඳ ආත්ම විශ්වාසයක් සහ දැනුමක් ලැබුණා මම නියෝජනය කරන මිනිසුන්ට හොඳ සේවාවන් සැපයීමට අවශ්‍ය ඉල්ලීම් කරන්නට. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය මගින් අපගේ මූලික දැනුම වර්ධනය කිරීමට පුහුණු වැඩසටහන් පැවැත්වුවා. ඊට අමතරව තවත් පුහුණු වැඩසටහන් සපයන්නන් එනම්, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන විසින් හා ධබැ ඔැංඑ ෂබසඑස්එසඩැ වැනි ආයතනද මෙහිදී සඳහන් කළ යුතුයි. එමගින් පළාත් පාලන පනත, අතුරු ව්‍යවස්ථා, සභිකයන්ගේ කාර්යයන් සහ වගකීම් පිළිබඳ දැනුම වගේම මගේ සන්නිවේදන කුසලතාද වර්ධනය වුණා.

ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරුන් මුල් කාලයේදී සභාවේ කටයුතු සහ සේවාවන්වලදී අපිට උදව් කරේ නැති අවස්ථා තිබීම එක්තරා  ආකාරයක අභියෝගයක් වුණා. නමුත් අපි සහභාගී වුණු පුහුණු වැඩසටහන්වලට ස්තුතිවන්ත වෙන්න, මට හැකි වුණා සෑම කණ්ඩායම් සහ ප‍්‍රජාව නියෝජනය කරමින් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් යෝජනා කිරීමට. අපි පළාත් පාලන ක‍්‍රමයට ඇතුල් වීමට පෙර සිටම මහනගර සභා ආඥා පනත සම්බන්ධයෙන් යම් ආකාරයක දැනුමකින් සන්නද්ධ වී සිටියා නම්, මම නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් හඬ නගන්න මම පැකිලෙන්නේ නැහැ.

අළුතින් පත් වුණු කාන්තා සභිකයන්ට හැකි වෙලා තියනවා, නාස්තිය අවම කරන්න. සභාවකින් ජනතාව මොනවද ලබා ගත යුතු සේවාවන් කියන එක ජනතාව දන්නේ නෑ. ඒ පනිවිඩය අපි දුන්නා. ඊට පෙර මිනිස්සු දේශපාලඥයින්ට වෛර කරන්නේ, ඔවුන් ගැන කලකිරෙන්නේ එ්කයි. පිරිමි ගොඩක් ඉන්න සභාවල වාග් මාලාව විවිධයි, නමුත් කාන්තාවො විදියට අපි ඉන්න තැන්වල, විශේෂයෙන් සභාවෙදි එම වචන භාවිතා කරන්න දෙන්නේ නැහැ අපි. ඒ වගේම සභාව තුළ සිදුවන දුෂණය අඩු කිරීමට සහ  සේවාවන් ලබා දීම කාර්යක්ෂම කිරිමට. කාන්තා සභිකයන්ට හැකියාව ලැබුණා විනිවිදභාවය වැඩි කිරීමට, මොකද අපේ සේවාවන් සැපයීමේදී අපි නීති රීතිවලට අනුකූලව එය සිදු කරන නිසා. මේ නිසා පුරුෂයන්ටත් ඒ ආකාරයෙන්ම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට සිදු වුනා. 

රටේ සෑම ස්ථරයකම පාලනයට අදාළව කාන්තා නියෝජනය සඳහා කෝටාවක් අත්‍යවශ්‍යයි. මොකද මේ 25% කෝටාව නැත්නම් මටත් මේ තැනට එන්න නොහැකි වෙන්න තිබුණා. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කාන්තාව සහ පිරිමියා සමාන කොට සැලකුවද දේශපාලනයේදී එවැනි සමානකමක් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙනිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින්ම කාන්තාවට දේශපාලනිකව සමතැන හිමි කර දීම දීර්ඝ කාලීන විසඳුමක් ලෙස මම යෝජනා කරනවා. නමුත් ඒ අතර කෝටා ක‍්‍රමය භාවිතා කිරීම මගින් පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ කාන්තාවට වැඩි නියෝජනයක් හිමි කරගැනීමට හැකි විය යුතුයි. මේ අරමුණ ඉටු කරගන්න නම්, අපේ මේ අරමුණු සහ අපේක්ෂාවක් ජනාධිපතිතුමාට සහ අනෙකුත් නායකයන්ට පැහැදිලිව යොමු කළ යුතුයි. මේ සඳහා අපි එක් විශාල බලපෑම් කණ්ඩායමක් බවට පත්විය යුතුයි. කාන්තාවන් වීම නිසා ඔවුන් ගොඩක් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා, එය දේශපාලනයේදී ඉතා නරක විදියට සිදු වෙනවා. පිරිමි මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම නිසා, සමාජය තුළ කාන්තාව පහත් කොට සැලකීම දිගින් දිගටම සිදු වෙනවා. සමාජ මාධ්‍යන් තුළ කාන්තා දේශපාලඥයින් දැඩි පීඩනයකට හා හිංසනයට ලක් වෙනවා. අපි වාචික හිංසනයටත් ලක් වෙනවා. ඔවුන්ට අවශ්‍ය අපිව නිහඬ කිරීමට.

පළාත් පාලන ක‍්‍රමය තුළ කාන්තාව හා පිරිමියා අතර සමානාත්මතාවයක් දකින්නට ඇත්තේම නෑ. නිළධාරීන් කටයුතු කරන්නේ චක‍්‍රලේඛවලට අනුව. නමුත් කාන්තා සභිකයන් ප‍්‍රශ්න දෙස බලන්නේ ඉතා මානුෂීය කෝණයකින්. අපිට සිදු වෙනවා චක‍්‍රලේඛවලට අනුකූලව අපගේ ඡුන්ද දායකයන්ගේ අරමුණු ඉටු කර දීමට. සමහර අවස්තාවල පිරිමි අයගේ යොජනාවලට වැඩි ප‍්‍රමුඛතාවයක් දෙනවා. නමුත් අපි අත හරින්නේ නැහැ. අපි ඔවුන්ට කියනවා පළපුරුදු මන්ත‍්‍රීවරුන්ටද අපි එක හා සමාන බව.

මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදු කරන ලද සාකච්ඡුාවකදී මම එහි සභාපතිතුමාට ඉදිරිපත් කළා අපි මුහුණ දෙන අභියෝගයන්. මම ඔහුට කිවුවා අපට ඊළඟ පලාත් සභා මැතිවරණයට නාමයෝජනා හිමි වුණොත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය හැකියාවක් නැහැ කියලා. නමුත් මම මහන්සි වෙලා කටයුතු කළ නිසා මිනිසුන්ගේ සහයෝගය මට තියනවා. එනිසා මුදල් කියන අභියෝගය අභිබවා යන්න මට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියනවා. නමුත් මට ඊළඟ අවස්ථාවේත් තරඟ කරන්න  ඕනේ, මොකද එවිට අපිට හැකියාව ලැබෙනවා කාන්තාවන් සහ ළමුන් සමාජීය මට්ටමෙන් මුහුණ දෙන ගැටළු සමබන්ධයෙන් කටයුතු කරන්න, සමාජ ආර්ථික තත්වයන් පිළිබඳ සහ අසරණ ජනතාව මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට සහ අවශ්‍ය පියවර ගැනීමට.

One Text ආයතනයේ, කාන්තා මන්ත්රී ධාරිතා සංවර්ධන ව්යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්රකාශයට පත් කිරීමට මන්ත්රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.

Leave a Reply