යු. සඳමාලි

මට දේශපාලනයට පිවිසීමට කිසිම කැමැත්තක් තිබුනේ නැහැහේතුව මාගේ පියාගේ දේශපාලන කටයුතු නිසා (කාර්යබහුල වීම) මගේ මව පියා අතහැර ගියා. එහෙත් මාගේ පියා මාත් මාගේ මල්ලිලා තුන්දෙනාත් රැුකබලා ගනිමින් ඉමහත්සමාජ මෙහෙවරක් කරලා කුඩා කාලයේ සිටම මට මවගේ භූමිකාව වගකීම් ගැනීම්, පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වීම මට පැවරුණා. එමනිසා මාගේ අධ්‍යාපනය උසස් පෙළ දක්වා සීමා වුනා. 2009 පියාගේ වියොවත් සමඟ ඔහුගේ සියළුම වගකීම් සමාජ මෙහෙවර මා කිරීමට පසුබට වුනේ නැහැ. මොකද මගේ පියාට උපහාරයක් හා ආදරයක් විදියට ඔහුගේ වැඩ කටයුතු මා ඉතා සතුටින් කිරීමට මෙම කාරියට පිවිසුනහ.

එම කාලයේ කොළඹ මහා නගර සභා ඡුන්දයට පිවීසිමට ආසන සංවිධායකතුමාගේ ආරාධනා ලැබුවත් එය ප‍්‍රතික්ෂේප කර සමාජ කටයුතුවල විතරක් නිතර වුනා. මා සමාජ මෙහෙවර කිරීමට තෝරාගත් කාන්තා සංවිධානයට එක් වෙමින් එම කාන්තා සංවිධානයේ ශාඛා 50 කට වැඩි ප‍්‍රමාණයක් සැදීමට සහය දෙමින් ප‍්‍රධාන සංවිධාන ධුරය දරමින් විශාල මුදල් ප‍්‍රමාණයක් හා ශ‍්‍රම දායකත්වයක් කොළඹ අවට කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් කැප කරා.

එම සංවිධානයේ වැඩ කටයුතු කිරීම් අතහැර එම සංවිධානයේ අයිතිකරුවන් මාගේ පක්ෂයකට විරුද්ධව වැඩ කටයුතු කිරීම නිසා මා එම සංවිධානයේ ඉවත් වුනා. එමනිසා ඔහුත් මගේ ව්‍යාපාරයට විරුද්ධව නඩු පැවරීම හා මට මරණ තර්ජනය එල්ල කරමින් මිනිසුන් ලවා දුරකතන ඇමතුම් දෙමින්ප ක්ෂයට කරන මෙහෙවර කාන්තා අභිවෘද්ධියට කරන වැඩ නතර කිරීමට උත්සාහ දැරූ අතර මා එම දේවල් වලින් ජය ගත්තා.

පසු කාලීනව වත්මන් ජනාධිපතිතුමියත් සමඟ ලක් වනිතා කාන්තා සංවිධානයේ වැඩ කටයුතු වල නියැලෙමින් ඇගේ අමාත්‍යංශයේ සේවය කිරීමට අවස්ථාවක් ලැබුනා. පසුව සංවිධාන කීපයක වැඩ කිරීමට අවස්ථාන උදාවුනා.

එමනිසා 2018 වර්ෂයදී නැවතත් ඡුන්දය ඉල්ලීමට පක්ෂයේ නායකත්වයේ ඉල්ලීම් පරිදි අවස්ථාන ලැබුනා. දේශපාලනයක් කිරීමට අකමැත්තක තිබුනත් එම අවස්ථාවේදී මට ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකිව මා ඡුන්දය ඉල්ලීමට ඉදිරිපත් වුනා.

මා හට නියෝජනය කිරීමට ලැබුනේ මාගේ ඡුන්ද කොට්ඨාශයෙන් පිට වුවද අභියෝගයක් විදියටම මා එහි වැඩ කටයුතු රාශියක්ක රමින් එම පළාතේ පාසැල් නොයන දරුවන්වත් උවදුරු වලට ගොදුරු වු දරුවන් විශාල ප‍්‍රමාණයක් යහ මඟට ගැනීම මා කළා.

එත් අන්තිම මොහොතේ මාගේ ඡුන්දය අයිති බල ප‍්‍රදේශයේම මට නාම යෝජනා ලැබීම සතුටට කරුණක් විය. මාසයක් වැනි කාලයකින් මා එම කොට්ඨාශයේ වැඩ කරමින් ජය ගත්තා. මා හට ප‍්‍රබලව තර්ජනයක් කිරිමට ඉතා ධනවත්, මැර බලය පවතින පුද්ගලයෝ සම`ග ගැටීමට එම අවස්ථාවේදී සිදුවුනාය. මුදල් වියදම් කරමින් නොයෙක් අවස්ථාවල පුද්ගලයෝ පොලීසිය හා වෙනත් අය මගින් මගේ පෝස්ටර හා මැතිවරණ කටයුතු අඩාල කිරීමට තැත් කලත් මාගේ කාර්යාලයේ නාම පුවරු නිතරම ඉවත් කිරීමට තැත් කලත් මාගේ මානසික පීඩනය බිඳහෙලීමට තැත කලත් මා කාන්තාවක් විදියට ජාති බේද නොතකා සියළුම ජන කොටස් ජීවත් වෙන උතුරු කොළඹ බ්ලුමැන්ඩල් ආසනය වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීම සතුටක්. මා හට උදව් කරපු වැඩ පිරිසක් දමිල, මුස්ලිම්ජ නතාව වීම මට ගෞරවයකි.

මා දේශපාලන දැනුම ලබා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව පාඨමාලාවක් හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවීන ආර්ථීක සංකල්ප විශ්ලේෂණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් ද, ශ‍්‍රී ලංකා පළාත් පාලන ආයතනයේද දේශපාලන විද්‍යාව පිළිබඳව හදාරා ඇත.

එමෙන්ම විශේෂ සස්තූතියක් SAPRI ආයතනය, One Text ආයතනය SMART 75, IRI ආයතනය, පළාත් පාලන සංසදය වැනි ආයතන වලට ගෞරවාන්විත ස්තූතිය පුද කරනවා අපිට මෙම දේශපාලන කර්තව්‍යය කරගෙන යාමට සහය, දැනුම, ශක්තිය සහ ඇගයීම කිරීම ගැන.

අපට කාන්තා හා ළමා කමිටුවක් නගරාධිපතිනිය විසින්ම පිහිටුවා තිබුණත් එමගින් ලොකූ සේවයක් සිදු කිරිමට අපට නොහැකි වුනේ මූල්‍යමය හැකියාව අවම වීම නිසා. මේ කමිටුව හරහා වැඩිහිටි කාන්තාවන්ට උදව් කිරීමට කොයෙකුත් කටයුතු මා විසින් සංවිධානය කළා. නමුත් ඒ කිසිවක් සාර්ථකව කර ගැනීමට නොහැකි වුණේ අපට තිබූ මූල්‍යමට නොහැකියාව නිසා. අපේ ඡුන්ද කොට්ඨාශය තුළ කාන්තාවන් කියන්නේ අපේ වගකීම. ඔවුන්ගේ සමහර ගැටළු ප‍්‍රකාශ කරලා තිබෙන්නේ කාන්තා සභිකයන්ට පමණක් නිසා පිරිමි සභිකයන්ට ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. නගර සභා මට්ටමෙන් අපට විසඳීමට හැකියාව ලැබිය යුතු ප‍්‍රශ්න රාශියක් තිබෙනවා. අපේ සභිකයන් බොහොමයක් අවධානය යොමු කරන්නේ භෞතික මට්ටමේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් පමණයි. නමුත් එමගින් ආවරණය වන්නේ ජනතාවගේ ජීවිතයේ එක් සාධකයක් පමණයි. එමගින් ඔවුන් මුහුණ දෙන අනෙකුත් ගැටළු විසඳෙන්නේ නැහැ. නගර සභාව තුළ දුෂණය සහ මහජන සම්පත් අවභාවිතය විශාල වශයෙන් සිදු වෙනවා. කාන්තා සභිකයන් පවා පුද්ගලික වාසි තකා තමගේ වටිනා තනතුර භාවිතා කරනවා. කාන්තා සභිකයන් එකිනෙකාට උදව් කරමින්, පිරිමි සභිකයන්ගේ සහයෝගයද ලබා ගනිමින් අයවැය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි.

දුෂණය, වංචාවෙන් තොර අවංකව කාන්තාවන් දේශපාලනයට පැමිණිම තුලින් රටේ අනිකුත් කාන්තාවන්ට නැගීසිටීමට හා ඔහුන්ගේ ප‍්‍රශ්න හමුවේ පෙනී සිටීමට හැකි වීමත් අනිත් කාන්තාවන්ට යහමඟ සහ නිවැරදිව කාර්යය කිරීමට උදව් කිරීමට ලැබීම ගැන සතුටු වෙන අතර, කාන්තා නියෝජනය වැඩි කිරීම හා එම කාන්තාවන්ට අතහිත දෙන සෑම ආයතනයකම මාගේ ගෞරවය. අනාගතයේදී තවදුරටත් ලැබෙන අවස්ථා ප‍්‍රයෝජනයට ගනිමින් කාන්තාවන්ට හා දරුවන් නගා සිටීම කැපවීම මාගේ බලාපොරොත්තුවයි.

One Text ආයතනයේ, කාන්තා මන්ත්‍රී ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.

Leave a Reply