
මට කිසිම අදහසක් තිබුණේ නෑ දේශපාලනයට සම්බන්ධ වෙන්න. නමුත් ගෝමරන්කඩවල ප්‍රදේශයේ කාන්තාවන් සහ අනෙකුත් අසරණ මිනිසුන් වෙනුවෙන් මම වසර ගණනාවක් පුරා සිදු කළ සමාජ සේවය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මට ආරාධනා කළා 2018 පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන ලෙස. ඔවුන්ට 25% කෝටාව සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසු අපේක්ෂිකාවන් අවශ්‍ය වී තිබුණා. ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ කාන්තා මන්ත්‍රීවරියන් සිව් දෙනාගෙන් එක් අයෙක් මම. මුල් කාලයේදී පිරිමි සභිකයන් මට නින්දා සහගත විදියට සැලකුවා මම ලැයිස්තුවෙන් තේරී පත් වූ නිසා. ඔවුන් මාව ”බෝනස්සභිකයෙක්” ලෙස හැඳින්වුවා. නමුත් මම ඔවුන්ට පිළිතුරු දුන්නා පළාත් පාලන පනතේ සංශෝධනයට අනුව 25% කාන්තා නියෝජනය නෛතිකව අත්‍යවශ්‍ය කරුණක් බව සහ එනිසා මගේ ඇතුල් වීම නෛතික වන බව.
මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ ගෝමරන්කඩවල, අනුරාධපුරයේ. මගේ කුඩා කාලයේ සහ තරුණ කාලයේ මම හොඳින් දැක්කා යුද්ධයේ ඵලවිපාක. එල්ටීටීඊය විස ින් මරා දැමුණු මගේ ගුරුවරුන්ගේ මෘත දේහ මම සියැඉසින් දැක්කා. මට දැන් වයස 46ක් වෙනවා. මගේ පුතාට අවුරුදු 21යි. මගේ නිවස ඉදිරියේ තියන පොලිස් ස්ථානයට එල්ටීටීඊය විසින් පහර දෙනකොට මගේ පුතාට මාස 3යි. නමුත් මේ අත්දැකීම් එක්ක මම ගොඩක් මහන්සි වෙලා කටයුතු කළා එම ප්‍රදේශයේ දමිළ මුස්ලිම් අතුළු සියළුම දෙනාගේ ජීවන මට්ටම ඉහළ නංවන්න.
මම පාසලෙන් ඉවත් වුණු පසු, මම නොයෙකුත් ප්‍රජා මූලික සංවිධාන සමග එක්ව කටයුතු කළා. එනම් කාන්තා සංවර්ධන සංවිධාන සහ ගොවි සංවිධාන යනාදිය. ඒ වගේම ගමේ අය සමග එකතු වී මහළු සහ තරුණ අයට උදව් උපකාර කිරීමටත් මම කටයුතු කළා. මගේ සමාජ සුබසාධන කටයුතු සමඟ ගෝමරන්කඩවල මිනිසුන් මාව අඳුනගෙන හිටියා. 2018 පළාත් පාලන මැතිවරණ සමයේ මම ප්‍රජාව රැුස්කිරීම සහ ගෙයින් ගෙර ගොස් මැතිවරණ ව්‍යාපාරය සිදු කරගෙන ගියා. එවිට මම සියැසින් අත්දැක්කා මගේම පක්ෂයේ පිරිමි තරඟකරුවන් මගේ මැතිවරණ ව්‍යාපාරයට සහ හැකියාවන්ට ඊර්ෂ්‍යා කළ බව. මගේ නම ලැයිස්තුවට ඇතුළත් වූ විටත් ඔවුන් උත්සහ කළා මා වෙනුවට වෙනත් ඔවුන්ගේ මිතුරන් ඒසඳහා යෝජනා කිරීමට.
මම තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා කැඳවුම්කාරිනිය. අපි පසුගිය දිනක පැවැත්වූ මහ සභා රැුස්වීමට මම පාර්ලිමේන්තු සභිකයන් දෙදෙනෙක් කැඳවුවා. මම එහිදී කතා කළා කාන්තා ජනගහනයට අනුව නියෝජනය වැඩි විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව. රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. එනිසා මෙම අගය රටේ තීරණ ගැනීමේ ව්යුහයන්හිත් නිරූපනය විය යුතුයි. සමාජය තුළ එකමුතුකම නිර්මාණය කිරීමට කාන්තාවට විශේෂ භූමිකාවක් තිබෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස රාජ්‍ය තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ අප පීඩනයට සහ පුරුෂාධිපත්‍යයට යටත් වෙනවා. එදින පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනා විමතියට පත් වුණා මගේ කතා කිරිමේ හැකියාව පිළිබඳව.
මම තේරී පත්වන විට, ප්‍රාදේශිය සභා ක්‍රමය තුළ නීති රීති පිළිබඳව මට ඉතා අල්ප දැනුමක් තිබුණේ. වාසනාවකට මෙන් මම සහභාගී වුණා පුහුණු වැඩසටහන් කිහිපයකට. ඒ අතර One Text Initiative ආයතනය මගින් සංවිධානය කරන ලද වැඩසටහනක්ද වුනා. එමගින් මගේ යුතුකම් හා කාර්යභාරය ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදු වන අභියෝග සහ ගැටළු සඳහා මුහුණ දීමට ශක්තියක් මට ලැබුණා. දෙනුම මගින් අපට පුළුවන් අපේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමට. මම හිතනවා අධ්‍යාපනය කියන්නේ ජීවිත කාලය පුරාම සිදු වන දෙයක්. මම පුහුණු වැඩසටහනක් ගැන දැනගත් විගසම අනෙක් කාන්තා සභිකයන්ටත් ඒ පිළිබඳව දැනුම් දෙනවා. අපේ ප්‍රදේශයේ ඉන්න කාන්තා නායිකාවන් සමග මම කතා කරනවා අපේ සමාජයේ දියුණුව වෙනුවෙන් ඔවුන්ට සිදු කළ හැකි දේවල් සම්බන්ධයෙන්.
මගේ මිනිසුන්ට සේවය කිරීමට මම නීතියෙන් බැඳී සිටිනවා. එනිසා මම මගේ පක්ෂයත් ඇතුළුව සියළු පිරිමි සභිකයන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා, පෞද්ගලික අභිලාශ වෙනුවෙන් ඔවුන්ට හිමි වී ඇති බලය සහ තනතුර භාවිතා කරන අවස්ථාවන්හිදී. මම වංචනික කටයුතු සඳහා ඉඩක් දෙන්නේ නැහැ. අපි මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා ඉතා කාර්යක්ෂමව කටයුතු කිරීම නිසා පිරිමි සභිකයන්ට එය රතු එළියක් වෙනවා. එනිසා තමයි ඔවුන් අපිව ප්‍රශ්නයක් ලෙස දකින්නේ. ඔවුන් දැනටමත් බයෙන් ඉන්නේ ඊළඟ මැතිවරණය ගැන, මොකද අපේ කාර්යක්ෂම බව සහ ජයග්‍රහණ නිසා.
අපිට අවශ්‍ය ප්‍රතිපාදන හිමි වුණා නම් මීටත් වඩා වැඩ කරන්නට තිබුණා. ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාව ඉතා කුඩායි, එනිසා ලැබෙන ප්‍රතිපාදන සීමිතයි. මට හැකි වුණේ මාර්ග සංවර්ධනය කිරීමට සහ දුප්පත් පවුල් සඳහා වැසිකිලි ගොඩනගා දීමට පමණයි. නමුත් මම බලාපොරොත්තු වෙනවා 2021 ජනවාරිවලින් පසු වැඩියෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට.
ප්‍රාදේශිය සභාව තුල සේවා සැපයීමේදි ලොකු නාස්තියක් වන බව මම දකිනවා. උදාහරණයක් ලෙස, ඔවුන්ට සමහර පාරවල් නැවත නැවත සෑදීමට සිදු වෙනවා ගුනාත්මකභාවයෙන් අඩු ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා. මෙය ප්‍රාදේශිය සභා මට්ටමට පමණක් සීමා වන්නක් නෙමෙයි. අපේ රට මේ විදියේ ණය උගුලකට හසු වී තිබෙන්නේත් තීරණ ගැනීමේදී සිදුවන වංචා හා දුෂණ නිසා. මේ දේවල් පක්ෂ භේදයකින් තොරව සිදුවන දේවල්. මට ලැබෙන ප්‍රතිපාදන මගුන් ජාතීන් තුනටම සේවය කිරීමට මම කටයුතු කළා.
මිනිසුන් මගෙන් අහනවා මම ඉදිරි පළාත් සභා සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු වෙනවාද කියලා. මට මගේ දැනුම තවත් වර්ධනය කරගන්නට අවශ්‍යයි. ඒ නිසා ඉදිරියේ එන මැතිවරණය සඳහා මම ඉදිරිපත් වෙන එකක් නෑ. නමුත් මම ප්‍රාදේශිය සභා සඳහා ඉදිරිපත් වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ගම් මට්ටමෙන් කාන්තා සමිති පිහිටුවා, ඔවුන් දිරි ගැන්වීමට.
මිනිසුන් මගෙන් අහනවා මම ඉදිරි පළාත් සභා සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු වෙනවාද කියලා. මට මගේ දැනුම තවත් වර්ධනය කරගන්නට අවශ්‍යයි. ඒ නිසා ඉදිරියේ එන මැතිවරණය සඳහා මම ඉදිරිපත් වෙන එකක් නෑ. නමුත් මම ප්‍රාදේශිය සභා සඳහා ඉදිරිපත් වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ගම් මට්ටමෙන් කාන්තා සමිති පිහිටුවා, ඔවුන් දිරි ගැන්වීමට.
වැඩිවුණු කාන්තා නියෝජනය සමග පළාත් පාලන ක්රමයේ හොඳ ප්‍රගතියක් හඳුනාගත හැකියි. කලින්, ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ එක් කාන්තාවක් පමණයි සිටියේ. පිරිමි සභිකයන් හැම විටම ලාබය තකන අය. කමිටුවල කාන්තා නියෝජනය සඳහාත් මම සටන් කරනවා. මුදල් කමිටුව තුළ කාන්තා නියෝජනයක් නැහැ. මම පරිසර කමිටුවේ ඉන්නවා. මම කාන්තා කමිටුවක් පිහිටුවීමට යෝජනා කළත් එයට තවමත් ධනාත්මක පිළිතුරක් ලැබුණේ නැහැ. ප්රාදේශියස භා ක්‍රමයෙන් පිටත, කාන්තා නියෝජනය වැඩි කිරීමට සඳහා කාන්තාවන්ම සංවිධානය වී තීරණ ගැන්නා පුද්ගලයන් වෙත පීඩනයක් එල්ල කළ යුතුයි. අපේ සමාජයේ කාන්තාවන් මුහුණ දෙන වේදනාවන්, දුක් අභියෝග පිළිබඳව අප හොඳින් හඳුනාගත යුතුයි. අපි ඔවුන් සමග එක් වී ඔවුන්ට සහය විය යුතුයි. එවිට පමණයි අපට හැකි වෙන්නේ, පාලන තන්ත්රය තුළ වැඩි නියෝජනයක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට. අපේ සේවාවන් ප්‍රජා කේන්ද්‍රික විය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අපි ප්‍රාදේශිය සභාව තුළ හඬ නැගිය යුතුයි.
පළාත් සභා සඳහා නාමයෝජනා හිමි වන කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම ගැටළුව තමයි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මූළ්ය්මය නොහැකියාව. මම සභිකයෙක් ලෙස මගේ හැකියාවන් පෙන්වා තිබුණත්, මූල්‍යමය ගැටළුවට මටත් මුහුණ දීමට සිදු වෙනවා.
One Text ආයතනයේ, කාන්තා මන්ත්‍රී ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.



