ලිහිණි ප‍්‍රනාන්දු මහත්මිය

මම මගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ 2018 පලාත් පාලන මැතිවරණයෙන් මොරටුව නගර සභාවට සභිකයකු ලෙස පත්විම හරහාය. ‘‘ගමක් වෙනුවෙන් උගත් හඬක්’’ යන තේමා පාඨයෙන් මොරටුව මහ නගර සභා මැතිවරණය සඳහා මා හට අවසාන මොහොතේ නාම යෝජනා හිමි වීම හේතුවෙන් මොරටුව මහ නගර සභාවේ ජනතාව හට මගේ මැතිවරණ දැක්ම රැුගෙන යාමට විශාල කාලයක් ඉතිරිව තිබුනේ නැහැ. දවස් විස්සක් වැනි ඉතා කෙටි කාලයකින් මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදුකර ගැනීමට ඒ මොහොතේ මගේ සැමියා විශාල ශක්තියක් වුනා. ඒ මොහොතේ මම පක්ෂ දේශපාලනයට අලූත් වූවා පමණක් නොව අත්දැකීම් බහුල දේශපාලඥයන් සමඟත් මා හට තරඟ කිරීමට සිදු වූනා. ඉතා සුලූ කාලයක් ඉතිරිව තිබූ නිසාත් ප‍්‍රතිපත්තිගරුක ලෙස දේශපාලන ගමනක් ආරම්භ කිරීම මගේ අරමුණක්ව තිබුණ නිසාත් මගේ මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර් සහ පුවරුවලින් තොරව ගෙයින් ගෙට ගොස් ජනතාව සමඟ සම්බන්ධ වෙමින් මෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදු කිරීමට මම තීරණය කළා.

මගේ පවුලේ කිසිම කෙනෙක් කවදාවත් දේශපාලඥයෙක් ලෙස කටයුතු කර නැහැ. පාසල් යන කාලයේ ද දේශපාලනයඥයෙක් වීමට අදහස් සහ කැමැත්තක් මා සතු විය. නමුත් මගේ උසස් අධ්‍යාපන කටයුතු සමඟ එම ආශාව යටපත් වී ගියා. මා හට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා කළමනාකරණය සම්බන්ධ උපාධියක් තිබෙනවා. එමෙන්ම මගේ නීතිවේදී උපාධිය කොළඹ විවෘත විද්‍යාලයෙන් සම්පූර්ණ කිරීමෙන් පසු මම ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් ලෙස දිවුරුමි දෙනු ලැබුවා. මෙම උපාධි සඳහා ඉගෙන ගන්නා කාලයේ සහ ඉන් පසුත් මම පෞද්ගලික අංශයේ රැුකියාවන් ගණනාවක නියැලුණා. මොරටුව එජාප ආසන සංවිධායක එරාන් වික‍්‍රමනායක මහතා තමයි දේශපාලඥයෙක් ලෙස මගේ ගමන ආරම්භ කිරීමට මා හට උනන්දුවක් ඇති කරනු ලැබුවේ. ඔහුව 2015 වර්ෂයේ ප‍්‍රථමයෙන් මුණ ගැහුණ මොහොතක මා විසින් මේ රටේ ප‍්‍රධාන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය තුළ සිිදුවන අභ්‍යන්තර දේශපාලන කඩා වැටීම පිළිබඳ ඔහු සමඟ සාකච්ඡුා කළා, එහිදී ඔහු මා හට ප‍්‍රකාශ කළේ පක්ෂයට පිටින් එය විවේචනය කිරීම වෙනුවට පක්ෂය තුළට පැමිණ වෙනසක් සිදු කිරීම ප‍්‍රයෝගික බවයි. එම සිදුවීමෙන් වසර තුනකට පසු 2018දි මහනගර සභා මැතිවරණයට මගේ නම ඉදිරිපත් කිරිමට ඔවුන් ආරාධනා කිරීම සමඟ මම දේශපාලනයට පිවිසීමට තීරණය කළා.

මට මුල සිටම පළාත් පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් තරමක දැනුමක් මා සතු වුණා. නමුත් සභිකයෙක් වූ පසු මම සහභාගී වූ සියලූ පුහුණු වැඩසටහන් ම`ගින් මම සමස්ත පද්ධතිය පිළිබඳවම මගේ දැනුම ඉතා හොඳින් වර්ධනය කරගත්තා. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක‍්‍රමය තුළ මම දකින දුර්වලතා තිබෙනවා. උදාහරණයක් ලෙස නගරාධිපති හට මහ නගර සභාවෙි පාලනය දැනට පවතින ක‍්‍රමයෙන් පරිභාරිව තාක්ෂණය උපයෝගි කරගනිමින්, දේශපාලන මැදිහත් වීමෙන් තොරව, සමිපත් ක‍්‍රමානුකුලව බෙදී යන ආකාරයෙන් පාලනය කිරිමට හැකියාවක් තියෙනවා. නගරාධිපති හට මහ නගර සභා ආඥා පනත අනුව තිබෙන විශාල බලතල, හා සේවක පිරිස සලකා බැලූ විටත් ඔහුට මහ නගර සභා මට්ටමෙන් සේවා සැපයීමට විශාල හැකියාවක් තිබෙනවා. එමෙන්ම ජනතාවගේ අවශ්‍යතා හා උවමනා පිළිබඳ පළාත් පාලනයේ සිටින අනෙකුත් නිලධාරීන්සහ ආයතන එනම් ප‍්‍රාදේශීය ලේකම්වරු සහ එම නිලධාරීන් සොයා බැලිය යුතුයි. නමුත් පළාත් පාලන ක‍්‍රමය තුළ කටයුතු සිදු වන්නේ ඉතාම පක්ෂග‍්‍රාහි ආකාරයටයි. විපක්ෂයේ සභිකයන්ට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා නොදීම ප‍්‍රධාන අඩුපාඩුවක්. මෙය කුමන පක්ෂය යටතේ වුණත් සිදු වන්නක්. අප විපක්ෂය නියෝජනය කරන නිසා නගරාධිපතිතුමා අපට සවන් දෙන්නේ අවම වශයෙන්. මා දකින අන්දමට පලාත් පාලන සභිකයින්, නිලධාරීන් සමඟ ගැටුමි වලින් තොරව ගමෙි වැඩකටයුතු සිදු කල යුතුය. මුල් කාලය තුළ මා හටත් සභාවේ අනෙකුත් සභිකයන් හටත් විවිධ අපහසුතාවයන්ට මුහුණ දිමට සිදු වුණා. නමුත් මා එම අභියෝග මැඩගෙන ඉදිරියට පැමිණ තිබෙනවා. ඇතැමුන් අද අපේ අදහස් පිළිබඳ සභාවේදී කතා කරන තත්ත්වයට පත්ව තිබෙනවා. උදාහරණයක් ලෙස කොවිඞ්19 වසංගතයට අදාළ ගැටළු සඳහා වෙනම කමිටුවක් පත් කිරීම වැනි යෝජනා දක්වන්නට පුළුවන්. ඔවුන් සමඟ වෘත්තිමය සබඳතා ඉතාම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අද වන විට මට හැකිවී තිබෙනවා. මම දකින අඩුවක් නමි දේශපාලයේ සභිකයින් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම ඉතා අවම මටිටමක පවතියි.

මහ නගර සභා සභිකයකු විමෙන් අනතුරුව මම මගේ කොටිඨාශයේ මසකට වරක් රැුස්වන කාන්තා සමිතියක් පිහිටෙවිවා. නමුත් වර්තමානයේ කෝවිඩි19 හේතු කොට ගෙන එහි කටයුතු මදක් අඩාල වි ඇත. මෙම සමිතිය සදහා ඡුන්දය දුන් පක්ෂ භේද පසෙකලා ප‍්‍රදේශයේ කාන්තාවන් ඒ සඳහා සහභාගී වෙනවා. මගේ අරමුණ වන්නේ සමාජය තුළ ඔවුන්ගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතා සඳහා විසඳුම් සෙවීමයි. ඒකාර්යයන් අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතන මඟින් මුදල් රැුස්කර එම කාන්තාවන් සඳහා වෘත්තිය පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීමට හැකිවීමයි. ඒ වගේම ගෘහස්ථ හිංසනයට අදාළ ගැටළුවලදී මම ඔවුන් හට අවශ්‍ය නෛතික උපදෙස් පවා ලබා දෙනවා. කාන්තාවන් සඳහා පමණක් නොවෙයි මා වැඩිහිටියන් සඳහා පවා සායන සංවිධානය කර තිබෙනවා. මා හට වෙන්වූ ප‍්‍රතිපාදන වැය කර ප‍්‍රදේශයේ වෙරළ ඛාදනය වැළැක්වීමට ගල් බැමි ඉදිකිරීමටත් මා කටයුතු කර තිබෙනවා. තවද ප‍්‍රදේශයේ ජනතාවට නොමිලේ නීති උපදෙස් ලබා දීමට අවස්ථා ගණනාවකදී කටයුතු කර තිබෙනවා. කෝවිඩි19 අවස්ථාවෙිදි ජනතාවට ඉතා විශාල බඩු මළු ගණනාවක් බෙදීමට ද මා සමත් වුණා.

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය මගින් ලබා දුන් පුහුණු අත්වැල හරහා පළාත් පාලනය සම්බන්ධ මගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම අනෙකුත් කාන්තා සභිකයන්මුණ ගැසීමටද එමඟින් මට අවස්ථාව  හිමි වුණා. එය මා හට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස මා සඳහන් කළ යුතුයි.

පළාත් පාලන ක‍්‍රමය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම මඟින්, සභාව තුළ අප මුහුණ දෙන  ගැටළු සහ අභියෝග මොනවාද යන්න පිටස්තර සමාජය දැනුවත් කිරීමට අප හට හැකි වුණා. කාන්තා මන්ත‍්‍රීවරියන් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉතා විවෘතව කතා කිරීම එයට හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම පිරිමි සභිකයන්ගේ සේවයට අදාළ තීරණ සහ ක‍්‍රියාවන් ගැන මෙන්ම විගණන වාර්තා ගැන පවා අපි හොඳ අවධානයෙන් සිටින බවත් ඔවුන් දැනුවත්. අප නිතරම අපගේ ප‍්‍රදේශය තුළ පවතින ප‍්‍රශ්න හා ගැටළු සාකච්ඡුා කරන නිසා වංචා සහ දුෂණ සඳහා පවතින ඉඩ ඉතා අවම තත්තවයක තිබෙනවා. එමෙන්ම නගරාධිපති තනතුරට කාන්තාවක් පත්කළ යුතුය යන මතයේත් අප ඉන්නවා. කාන්තා සභිකයින් ලෙස පවතින පුරුෂාධිපත්‍ය ක‍්‍රමය වෙනස් කළ යුතුය යන අදහස අපගේ මතයයි. සභික මට්ටමෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු හා ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් කාන්තා සභිකයින් දැනුවත් විය යුතුයි. නමුත් මෙය කාන්තා සභිකයන් අතර තවමත් අඩු මට්ටමේ පවතින්නේ. වංචාවට සහ අනෙකුත් ආයතනික ගැටළු සඳහා හොඳින් මුහුණ දෙමින් මෙම හිස්තැන් පිරවීම අපගේ එකම අරමුණක්.

දැනට දේශපාලනයේ නිරිත ක‍්‍රියාකාරී දේශපාලඥයෙක් ලෙස මා 20 වන සංශෝධනය, කොවිඞ් මරණ ආදාහනය කිරීම පිළිබඳ ගැටළුව සහ අනෙකුත් අසාධාරණකම්වලට එරෙහිව මම මාධ්‍යය තුළ ප‍්‍රබලව හඩඬ නඟා තිබෙනවා. එමෙන්ම මැතිවරණ ව්‍යාපාර තවදුරටත් විනිවිදභාවයකින් හා වංචාවලින් තොරව සිදු කිරීමට අවශ්‍ය උපදේශන පවා මම ලබා දී තිබෙනවා. තවද මැතිවරණ සදහා වියදමි කරනු ලබන මුදල් නියාමනය කිරිමට කැමීපේන් ෆිනැන්ස් නිති ගෙන ඒමෙි වැදගත්කම ගැන අවස්ථා ගණනාවකදි සාකචඡුා කර තිබෙනවා. එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වැදීමට මා හට ඉල්ලීම් ලැබුනහොත් මා එය මාගේ පෞද්ගලික ජීවිතයට ඇති වන බලපෑම් පිළිබඳවත් සලකා බලා තීරණයකට එළඹීමට යොමු වෙනවා. එයට හේතුව වන්නේ මවක් සහ බිරිඳහක් ලෙස මාගෙන් රටට මෙන්ම පවුලටත් ඉටුවිය යුතු යුතුකම් තිබෙන බව මා විශ්වාස කිරීමයි. මගේ එකම අරමුණ සියලූම පක්ෂවල කාන්තා සභිකයින් සමඟ එක් වී පළාත් සභා මැතිවරණය සඳහාත් කාන්තාවන්ට 25%ක කෝටාව දිනා ගැනීමටයි.

(මෙය One Text Initiative හි නිෂ්පාදනයක් වන අතර OTI මෙම කෙටි සහ සංස්කරණය කරන ලද පිටපත සඳහා වගකීම දරයි)

Leave a Reply